මහා කුළුණු මන්දිර මං මාවත්
ගිනි පිඹින අහස යට
දහඩිය කදුළු හළමින්
උමතුව දුවන මිනිසුන්
... මහළු කොලොම් තොට...
ඉහළට ගත් හුස්ම පොද
හෙලන්නට පහළට
තුන්තිස් පැය ඉස්පාසුවක්
නොමැතිව දුවමි මම ද
පෙරඹරින් හිරු නැගෙන
සිතිජ ඉමේ ලුණු රසැති
දහඩිය සුළගට
නිවා නොහැක මා ගත සිත
දිවිය මට අහිමි කළ
සන්තාප දුහුලින් නැහැවූ
හදවත ගලක් කළ
නුඹට මම දැන් ශාප කරමි
බැගෑපත්ව ඉල්ලමි
දෛවය, යළි කිසිදිනෙක
මා නොඑවන ලෙස
කොළඹ අහස යටට

No comments:
Post a Comment