Saturday, November 6, 2021

 ඒ කාලේ මම හිතුවා

දෙදහස් පන්සීයෙ දි ඇවිල්ල රට හදන්න

පස්සේ මටම හිතුනා

ඔක්කෝටම ඉස්සෙල්ලා මං හැදෙනව

එහෙම හිතල වැලි දැම්මා හාල්වලට

මිරිස්වලට වතුර ගැහුව

කිරුවා බොරු පඩියෙන්

ගින්දර අරන් ගියා වතුර යටින්

බෙලි කැපුවා දිය රෙද්දෙන්

……………………………..

මට දැන් තේරෙනවා

එක එක පුද්ගලයා තර වුනාම

මුළු රට දියුණු වෙනව

– බෝඩිම

Thursday, July 8, 2021

 


“No, this is not the beginning of a new chapter in my life; this is the beginning of a new book! That first book is already closed, ended, and tossed into the seas; this new book is newly opened, has just begun! Look, it is the first page! And it is a beautiful one!”

― C. JoyBell C.

Thursday, March 21, 2019

ආදරණිය නරිය,
මිදී තිත්ත නැත;
නමුදු 
නෙලා ගැනීමට නුබට 
වරම් නැත.

Friday, March 15, 2019

මහා කුළුණු මන්දිර මං මාවත් 

ගිනි පිඹින අහස යට 
දහඩිය කදුළු හළමින් 
උමතුව දුවන මිනිසුන්


... මහළු කොලොම් තොට...
ඉහළට ගත් හුස්ම පොද 
හෙලන්නට පහළට 
තුන්තිස් පැය ඉස්පාසුවක් 
නොමැතිව දුවමි මම ද
පෙරඹරින් හිරු නැගෙන 
සිතිජ ඉමේ ලුණු රසැති 
දහඩිය සුළගට
නිවා නොහැක මා ගත සිත
දිවිය මට අහිමි කළ 
සන්තාප දුහුලින් නැහැවූ 
හදවත ගලක් කළ 
නුඹට මම දැන් ශාප කරමි
බැගෑපත්ව ඉල්ලමි 
දෛවය, යළි කිසිදිනෙක 
මා නොඑවන ලෙස 

කොළඹ අහස යටට

Thursday, July 6, 2017

ඇවිද ළඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන්හිරිය පන් කොළ
යොදා කුකුළු සායම් රතු හා කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට ම මට කියා දුන් අම්මාට.

විසල් සුදු ඩිමයි කඩදාසි මත
තබා මහ කව කටුව දිග රූල
ඇඳ නෙක් මෝස්තර මල් හා කොළ
කපා කැටයම් ඉදු බොකුටු නියනින්
විශ්වයෙහි රටාව ම කලාවට නඟන හැටි
කුඩා කල සිට ම මට කියා දුන් තාත්තාට.


                        -මහගම සේකර-